කවුද මේ House Elves ලා ?



අද මම ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නෙ “හැරි පොටර් මායා ලෝකය තුල වහල්ලු” ලෙස 

හැදින්නු “House Elves 🧝”ලා  ගැන. අපි කවුරුත් දන්න House Elf තමා ඉතින් ඩොබි කියන්නේ🙂

හැරී පොටර් කතා මාලාව තුල අප වෙත හාස්‍ය ගෙන ආ අප කවුරුත් ආදරය කල චරිතයක්.

අපි අද බලමු කවුද මේ “House Elves” ලා , මේගොල්ලො කොහොමද මායා ලෝකයත් එක්ක

සම්බන්ද වෙන්නෙ කියලා 🪄


House Elves 🧝කියලා කියන්නෙ සරලවම මායා වහල්ලු ජාතියක්. මේගොල්ලන්ගෙ කාර්ය තමා එක්තරා පවුලකට තම ජීවිතයේ විශාල කාලයක් සේවය කරන එක. එයාලට එක වැරදී කියල කවදාවත් හිතෙන්නෙ නෑ. 

මොකද එයාලව නිර්මාණය කරල තියෙන්නෙ එකට නිසා. අපෙ ආදරණීය මායා පාසල හොග්වර්ට්ස් වලත්

එල්ෆ් ල සිය ගණනක් ඉන්නවා. මෙයාලගෙ රාජකාරි තමා උත්සව වලට කෑම පිලියෙල කරන එක, පාසල පිරිසිදු 

කරන එක. හැබැයි මේ එල්ෆ් ලව හොග්වර්ට්ස් වලදී සාමන්‍ය කාටවත් දකින්න නම් ලැබෙන්නෙ නෑ 🫢

මොකද හොග්වර්ට්ස් කාර්ය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරනව මේ එල්ෆ් ලව හොග්වර්ට්ස් වල ඉගෙන ගන්න 

ලමයින්ට නොපෙනෙන්න තියාගන්න 😣


මේගොල්ලොන්ව මායා ලෝකය තුල ප්‍රසිද්ද වෙන්නෙ කතා බහ කිරීමට ඉතාමත් කැමති සත්ව වර්ගයක් 

විදිහටයි 😀. මේ හ්වුස් එල්ෆ් ලා මායා පොලවල් වල විකීණීමට ඉන්නවා ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්

මේ එල්ෆ් ලා තම ස්වාමියට බොහොම කීකරුයි, විශ්වාසවන්තයි. මෙයාලව ගෙවල්වල නිදැල්ලයි හිටියේ. 

මේගොල්ලොන්ට එහෙ මෙහෙ යන්නත් අවසර තිබුනා. හැබැයි මේගොල්ලෝ හරියට වෙලාවට තම 

ස්වාමියගෙ නිවසට එනවා. 


හැරි පොටර් කතා මාලාව තුල අපි හැමෝම ආදරය කරන චරිතයක් තමයි ඉතින් හර්මයිනි කියන්නෙ. බොහොම

නුවණාකාර ගැහැනු ලමයෙක්නෙ මෙ හර්මයිනි කියන්නේ. මෙයාට ඕනේ වෙනවා මේ වහල් සේවයට එරෙහිව 

නැගී සිටින්න. ඔබ හැරී පොටර් පොත් කියවූ කෙනෙක් නම් ඔබ දන්නව මේ කතාව ගැන. හර්මයිනි සන්විධානයක් හදනෝ මේ වහල් සේවයට එරෙහිව නැගී සිටින්න. හර්මයිනි දවස් ගනන් හොග්වර්ට්ස්

පුස්තකාලය අස්සෙ ගත කරා. හැබැයි මේ සන්විධානය අසාර්තක වෙනවා. මොකද ඒක ප්‍රායෝගික නොවන නිසා


ඕගොල්ලො දන්නවා මෙ එල්ෆ්ල නිදහස් වෙන්නෙ ඔහුගේ ස්වාමිය ඔහුට ඇදුම්👚 දුන්නොත් විතරයි කියලා.

හැරී පොටර් කතා මාලාව තුලදී House Elf කෙනෙක් වෙන ඩොබී ව උපායක් යොදලා නිදහස් කරනවා කියලා

ඕගෝලෝ දන්නවා. හැබැයි හැරී පොටර් පොත් වල තියෙනවා ඩොබීට ඊට පස්සෙ යන එනමක් නැති උනා කියල.

මොක්ද මේගොල්ලො මායා සත්වයෝ මේගොල්ලන්ව නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ට සේවය කරන්න

මේගොල්ලො නිදහස් උනාට පස්සෙ කරන්න දෙයක් මේගොල්ලො දන්නෙ නෑ. ඔවුන්ට කන්න දෙන්න ස්වාමියෙක් නෑ. ඒකෙන් වෙන්නෙ මේගොල්ලො ඔහේ ඔලුව හැරිච්ච අතේ ගියපු එක 


ඒකයි හර්මයිනිගෙ අදහස ප්‍රායෝගික නොවුනේ. House Elf ලා කියන්නේ මායා ලෝකය තුල හමුවෙන 

Unique  ම මායා සත්ව වර්ගයක් ඕගෝල්ලෝ මොකද හිතන්නෙ? 🤔

Comments

Popular posts from this blog

මායා කාරයන්ගේ චෙස් ♗ ගැන දැනගමු