Posts

Showing posts from July, 2023

මායා කාරයන්ගේ චෙස් ♗ ගැන දැනගමු

Image
  හායි හැමෝටම අද ගෙනල්ලා තියෙන්නෙ අමුතුම විදිහට සෙල්ලම් කරන මයකාරන්ගෙ චෙස් ක්‍රීඩාව ගැන විස්තරයක්. ඉතින් මොකද්ද මේ මායා කාරයන්ගේ චෙස් වල තියෙන විශේෂත්වේ. ඇත්තම කිව්වොත් ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය චෙස් ම තමා හැබැයි ඉත්තොන්ව මායා බලයෙන් තමා හදලා තියෙන්නෙ. ඒ හින්ද ඇත්ත සොල්දාදුවෝ වගේ හසුරවන්න පුලුවන් 🙂 එක දවසක් මාධ්‍යවේදියෙක් මහාචාර්ය මැගොනිගල්ගෙන් අහනවා, ඇයි අපි හොග්වර්ට්ස් වල වැඩිය චෙස් තරග තියන්නෙ නැත්තෙ. ඒකට හිනාවෙමින් මහාචාර්ය මැගොනිගල් කිව්වේ “ඇන්තිමට චෙස් තරනගයක් තියපු වෙලාවෙ ඒක එච්චර හොන්දට න්ම් ගියේ නෑ” කියලා 😀. හොග්වර්ට්ස් මායා පාසලට දක්ශ මායා චෙස් ක්‍රීඩකයෝ හදන එකට දිග ඉතිහාසයක් තියෙනවා. උදාහරණ විදිහට චෙස් මාස්ටර්වරු වන Walter Aragon , Brian Gagwilde දෙන්නා පෙන්නලා දෙන්න පුලුවන්. මේ දෙදෙනාම හොග්වර්ට්ස් වල හෙඩ්මාස්ටර්ස් ලා වෙලා ඉදලා තියෙනවා. හොග්වර්ට්ස් පාසල බොහෝ කාලයක් තිස්සේ ඉදන් හැම අවුරුද්දෙම බොක්ස්බැටන් මායා පාසල එක්ක චෙස් තරගයක් තියෙනවා. පාසල් දෙකෙන්ම ශිෂ්‍යයෝ දෙන්නෙක් මේ තරගයෙදි තරග වදිනවා. හැබැයි ඉතින් හැම අවුරුද්දෙම හොග්වර්ට්ස් පාසල පරාද වෙනවා. බොක්ස්බැටන් පාසල දිගටම ඒ

කවුද මේ House Elves ලා ?

Image
අද මම ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නෙ “හැරි පොටර් මායා ලෝකය තුල වහල්ලු” ලෙස  හැදින්නු “House Elves 🧝”ලා  ගැන. අපි කවුරුත් දන්න House Elf තමා ඉතින් ඩොබි කියන්නේ🙂 හැරී පොටර් කතා මාලාව තුල අප වෙත හාස්‍ය ගෙන ආ අප කවුරුත් ආදරය කල චරිතයක්. අපි අද බලමු කවුද මේ “House Elves” ලා , මේගොල්ලො කොහොමද මායා ලෝකයත් එක්ක සම්බන්ද වෙන්නෙ කියලා 🪄 House Elves 🧝කියලා කියන්නෙ සරලවම මායා වහල්ලු ජාතියක්. මේගොල්ලන්ගෙ කාර්ය තමා එක්තරා පවුලකට තම ජීවිතයේ විශාල කාලයක් සේවය කරන එක. එයාලට එක වැරදී කියල කවදාවත් හිතෙන්නෙ නෑ.  මොකද එයාලව නිර්මාණය කරල තියෙන්නෙ එකට නිසා. අපෙ ආදරණීය මායා පාසල හොග්වර්ට්ස් වලත් එල්ෆ් ල සිය ගණනක් ඉන්නවා. මෙයාලගෙ රාජකාරි තමා උත්සව වලට කෑම පිලියෙල කරන එක, පාසල පිරිසිදු  කරන එක. හැබැයි මේ එල්ෆ් ලව හොග්වර්ට්ස් වලදී සාමන්‍ය කාටවත් දකින්න නම් ලැබෙන්නෙ නෑ 🫢 මොකද හොග්වර්ට්ස් කාර්ය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරනව මේ එල්ෆ් ලව හොග්වර්ට්ස් වල ඉගෙන ගන්න  ලමයින්ට නොපෙනෙන්න තියාගන්න 😣 මේගොල්ලොන්ව මායා ලෝකය තුල ප්‍රසිද්ද වෙන්නෙ කතා බහ කිරීමට ඉතාමත් කැමති සත්ව වර්ගයක්  විදිහටයි 😀. මේ හ්වුස් එල්ෆ් ලා මායා පොලවල